Saturday, August 22, 2026
HomeNEWSරෝහල් සේවකයින් වැඩවර්ජනයක - බදුල්ල රෝහලට හමුදා සහාය

රෝහල් සේවකයින් වැඩවර්ජනයක – බදුල්ල රෝහලට හමුදා සහාය

රෝහල් සේවකයින් වැඩවර්ජනයක –  බදුල්ල රෝහලට හමුදා සහාය

බදුල්ල මහ රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා අද (24) යුද හමුදාව යොදවා තිබේ.

ඒ, එම රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල ආරම්භ කර තිබූ වැඩවර්ජනය හේතුවෙනි.

බදුල්ල රෝහලට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑම සඳහා රෝහල් අධ්‍යක්ෂවරයා විසින් යුද හමුදාවෙන් කරතිබූ ඉල්ලීමකට අනුව යුද හමුදාවේ 48 දෙනෙකු යොදවා ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑමට කටයුතු කර තිබේ.

ඒ අනුව බදුල්ල රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල වැඩවර්ජනයේ නිරත වුවද රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකිවී තිබේ.

ඉල්ලීම් 11ක් මුල්කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල අද (24) පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භකර තිබුණි.

දඹුල්ල මූලික රෝහලේ ද පැවැති වැඩවර්ජනය හේතුවෙන් අද එහි ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්වී සිටියහ.

ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් සඳහන් කළේ කලින් නොදන්වා සිදුකර වැඩවර්ජනය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයන්ට පත්වූ බවය.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය විසින් මෙය සංවිධානයකර තිබේ.   

මේ අතර හැටන් දික්ඔය මුලික රෝහලේ ද කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයින් අද අසනිප නිවාඩු වාර්තා කරමින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් රැසක් අපහසුතාවයට පත්වී තිබුණි.

ප්‍රවෘත්ති නරඹා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන ලෙස රෝගීන් වෙත රෝහලේ ආරක්ෂක අංශය විසින් එහිදී දැනුම් දී ඇති බවද වාර්තා විය.

එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද සහ හෙට (25) දිනයන්හි ක්‍රියාත්මක කරන බවත් රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය, විකිරණ අංශය, බාහිර බෙහෙත් ශාලාව, සායන කටයුතු, දන්ත සායනය, අක්ෂි සායනය, රුධිර බැංකුව යන අංශවල කටයුතු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නතර වී තිබේ.

හදිසි ප්‍රතිකාර කටයුතු පමණක් සිදු කිරීමට තම සේවකයන්ගේ සහයෝගය ලබාදෙන බව දික්ඔය මුලික රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ නිලධාරියෙකු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img