Thursday, August 20, 2026
HomeNEWSවේල්ල වීදියේ දී හමුවු කාන්තා මළ සිරුර ගැන තවත් තොරතුරු

වේල්ල වීදියේ දී හමුවු කාන්තා මළ සිරුර ගැන තවත් තොරතුරු

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මඟ දමාගොස් තිබියදී පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් අද (01) සොයා ගත්තේය.

පොලීසිය පැවසුවේ එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බවය.

පිටකොටුව වේල්ල වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට තිබූ සැක සහිත ගමන් මල්ලක් පිළිබඳ වෙළෙඳසැල් හිමියකු අද වේල්ලවීදිය පොලීසියට තොරතුරක් ලබාදී තිබේ.

“එක හමාරට විතර දැක්කේ. ඊට පස්සේ තැඹිලි විකුණන එක්කෙනා උදේ ඉදලම දැකලා පාර්සලයක් තියෙනවා කියලා. පොලීසියෙන් ආවට පස්සේ මාත් ඇරලා බැලුවේ මොනවා ද තියෙන්නේ කියලා. “

ඒ අනුව පොලීසිය කළ සෝදිසියේදී එම කාන්තා මළ සිරුර සොයා ගැනුණි.

එම සිරුරේ හිස කඳින් වෙන්කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිරුර බහා තිබූ ගමන් මල්ල පුද්ගලයෙකු රැගෙන විත් මෙම ස්ථානයේ දමා යන අයුරු සී.සී.ටීවී කැමරාවක සටහන් වී තිබුණි.

අද පස්වරුවේ පොලිස් නිල සුනඛයෙකු ද යොදාගනිමින් එහි පරීක්ෂා කිරීම් සිදුකළේය.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (02) සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img