Tuesday, August 18, 2026
HomeNEWSඝාතක SIගේ තවත් CCTV දර්ශන කිහිපයක් ගැන පොලිස් විමර්ශන

ඝාතක SIගේ තවත් CCTV දර්ශන කිහිපයක් ගැන පොලිස් විමර්ශන

ඝාතක SIගේ තවත් CCTV දර්ශන කිහිපයක් ගැන පොලිස් විමර්ශන

කාන්තාවක් ඝාතනය කර බෑගයක දමා තිබියදී හමුවූ සිද්ධියට සම්බන්ධ බවට විමර්ශන කෙරෙන බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ තවත් CCTV දර්ශන කිහිපයක් ගැන පොලීසියේ අවධානය යොමුව තිබේ.

ඝාතක උප පොලිස් පරීක්ෂකවරයා මාර්තු 1 වනදා සවස 4.10ට පමණ කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් මොනරාගල දක්වා ධාවනය වන බස් රථයකට නැග තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ අදාළ බස් රථය එදින රාත්‍රියේ පැල්මඩුල්ල ප්‍රදේශයේදී ආහාර ගැනීම සඳහා නවතා ඇති බවය.

රාත්‍රී 11.30ට පමණ බුත්තල නගරයෙන් ඔහු බස් රථයෙන් බැස ඇති බවට ද අනාවරණය වී තිබේ. 

ඒ සම්බන්ධ ඇතැම් CCTV දර්ශන මේ වනවිට ලැබී ඇති බවත් ඒ ඔස්සේ පොලිස් විමර්ශන සිදු කෙරෙන්නේ ඔහු පැළඳ සිටින බෑගයේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ හිස තිබුණේ දැයි අනාවරණය කරගැනීමේ අරමුණින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ඡායාරූප දින සැමරුම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

​ ​ලෝක ඡායාරූප දිනය සැමරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය අද (18) දින වැලිසර Wave and Lake උත්සව ශාලා...

22 වන සංශෝධනයට එරෙහිව සර්වජන බලයෙන් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය...

22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img