Tuesday, August 18, 2026
HomeNEWSදැය නැංවීමට පෙරමුණ ගැනීමට සහ 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' යුගයක සාඩම්බර පෙරගමන්කාරියන්...

දැය නැංවීමට පෙරමුණ ගැනීමට සහ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ යුගයක සාඩම්බර පෙරගමන්කාරියන් වීමට ඇරයුම් කරන්නෙමු !

ඡන්ද අයිතිය හා කම්කරු අයිතීන් ඉල්ලා ලොව පුරා කාන්තාවන් ගෙන ගිය අරගල සැමරීම වෙනුවෙන් ‘ජාත්‍යන්තර කාන්තා දිනයක්’ නම් කළ යුතුය, යන යෝජනාව ගෙන එනු ලැබුවේ 1910 දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවති සමාජවාදී කාන්තාවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී ලේකම්වරිය ලෙස තෝරා පත් කර ගනු ලැබූ ජර්මන් ජාතික සමාජවාදී කාන්තා නායිකාවක වූ ක්ලාරා සෙට්කින් මැතිනිය විසිනි. එම සුවිශේෂී යෝජනාව සම්මත වීමෙන් අනතුරුව 1911 මාර්තු මස 19 වැනි දින ඕස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය හා ස්විස්ටලන්තය යන රටවල් පළමු වරට ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීය. පසුව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ දී 1857 හා 1908 මාර්තු 08 වැනි දිනවලදී පැවති දැවැන්ත කාන්තා අරගල සිහිගන්වමින් 1913 සිට සෑම වසරකම මාර්තු මස 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දින සැමරීමට තීරණය වී ඇත.

අතීතයේ බොහෝ ජනසමාජවල ගැහැණු දරුවකු ඉපදීම සතුටින් බාර නොගන්නා තත්ත්වයක් පැවතිණි. ශ්‍රී ලංකාව තුළ ඓතිහාසිකව ද කාන්තාව දෙවැනි කොට සලකන එවැනි තත්ත්වයක් නොපැවතිණි. අද වන විට ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන තේ, රබර්, පොල්, ඇගළුම් හා විදේශ රැකියා යන ක්ෂේත්‍රවල සේවා නියුක්තිකයන්ගෙන් බහුතරය කාන්තාවන් ය. එහෙයින් මේ මොහොතේ දී රටේ ආර්ථිකය නගා සිටුවීම පිණිස මෙරට කාන්තාවන් සිදුකරන මෙහෙය ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුය. එපමණක් නොව මුළුමහත් ලෝකයම මුහුණ දී ඇති වසංගත රෝග තත්ත්වය හේතුවෙන් විදෙස්ගත කාන්තා සේවා නියුක්තිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීම හෝ එම රටවලදීම ඔවුනට නිසි සෞඛ්‍යාරක්ෂාව ලබාදීම යන කරුණු කෙරෙහි උපරිම මැදිහත්වීම සිදු කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සූදානම් බව ද අවධාරණය කරමි.

එසේම අභියෝග හා අවදානම මැද මෙරට කර්මාන්තකරුවා සහ ව්‍යවසායකයා බලගන්වමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ යුගයක් නිර්මාණය කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට දේශීය සන්නාමයන් මිලදී ගැනීමේදී ගෘහණියක වශයෙන් සහ දේශීය නිෂ්පාදිකාවක ලෙස ඔබ සතු ශක්‍යතාව මැනවින් යොදා ගන්නා ලෙස ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img