Tuesday, August 18, 2026
HomeNEWSරිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

හබරණ – පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ පොලිස් සැරයන්වරයා ගමන්ගත් යතුරුපැදිය හමුදා ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හබරණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි 53 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථය පැදවු හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img