අඛණ්ඩව තුන්වන දිනටත් වැඩිම දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඊයේ (10) දිනයේදීත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 42 කු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරටින් ඊයේ දිනයේ වාර්තා වු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 342කි.
ඒ අනුව ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 කු හඳුනාගැනුණු අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 32 කු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 128 ක් වේ.
කෙසේවෙතත් කොවිඩ් නයින්ටින් දෙවන රැල්ල ආරම්භයත් සමඟ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 53,809 කි.
මීට අමතරව ඊයේ දිනයේ යාපනය දිස්ත්‍රික්කයෙන් 39 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 18 ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් 16 ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් 13 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 11 ක් ලෙස ආසාදිතයින් හඳුනාගැනුණි.
මහනුවර, අනුරාධපුර, පුත්තලම, බදුල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, පොළොන්නරුව, අම්පාර, කෑගල්ල සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගැනුණු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනය තුළ පී.සී.ආර් පරීක්ෂණ 7,889 ක් සිදුකර තිබේ.
ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 106ක් තුළ තවදුරටත් පුද්ගලයින් 10,650 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.






















