Tuesday, August 18, 2026
HomeNEWSපළාත්සභා සංශෝධන පනත් කෙටුම්පත හෝ එහි ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින්...

පළාත්සභා සංශෝධන පනත් කෙටුම්පත හෝ එහි ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පවත්වන්න … ජනපතිගෙන් උපදෙස් …

පළාත්සභා සංශෝධන පනත් කෙටුම්පත හෝ එහි ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පවත්වන්න … ජනපතිගෙන් උපදෙස් …

Ø ජාතිකත්වයට, දේශීයත්වයට සහ ආරක්ෂාවට මුල් තැන දෙමින් 
ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනවා ….

Ø කාදිනල්තුමාගේ විශ්වාසය සහ එකඟතාව මත පාස්කු කොමිසම 
ඉදිරියට ගෙන ගියා …

Ø ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර වාර්තාවේ අඩංගු සියල්ල 
අනාවරණය කළා ….

Ø ජාතිකවාදී ආණ්ඩුවක් බලයට ආ විට ක්‍රියාත්මක සතුරු බලවේග 
අවබෝධකර ගන්න …

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරන ලදී. මහජන නියෝජිතයන් නැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වේ. මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා  මේ බව පැවසීය . 

රටේ ජාතිකත්වයට, දේශීයත්වයට හා ආරක්ෂාවට මුල් තැන දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින් ගත වූ මාස 15ක කාලය තුළ තීරණ ගත් බව රාජපක්ෂ මැතිතුමා කීය.

ජාතිකවාදී රජයක් බලයට පැමිණි සෑම අවස්ථාවකදීම දේශීය මෙන්ම විදේශීය බලවේග එය බිඳ දැමීමට ක්‍රියා කළේය.  මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයෙන් ඉවත් කිරීමට ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයට හසු වීමෙන්, පසුගිය වසර 05 තුළ රට කොතරම් පසුපසට ගමන් කළේද යන්න වටහා ගත යුතුය. ඒ නිසා සමස්ත රට මෙන්ම භික්ෂුන් වහන්සේ, රණවිරුවන් පත්වූ අපහසුතාව ජනතාව අවබෝධ කරගෙන සිටිති. 

රජය වර්තමානයේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට එකී බලවේග නැවත උත්සාහ දරමින් සිටී. ඊට හසු වුවහොත් අත්විඳීමට සිදු වන ප්‍රතිඵල ගැන ජනතාව දැනුවත් කිරිමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. 

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය නැති කිරීමට විශාල වැඩකොටසක් කර තිබේ. රැකියා උත්පාදනය කෙරෙන සහ කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයකට ශක්තිමත් අඩිතාලමක් යොදා ඇත.

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව සම්බන්ධයෙන්  විපක්ෂය විවිධ මත ඉදිරිපත් කරයි. කාදිනල්තුමාගේ එකඟතාව සහ විශ්වාසය මත කොමිෂමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනිණ. පෙබරවාරි 01 දා භාරදුන් වාර්තාව දින 28ක් තුළ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් කොමිෂන් සභා වාර්තාව සැඟවීමට උත්සාහ කරන බවට විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යයි. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර සෙසු සියල්ල ජනතාව හමුවේ තබා ඇත. 

විශාල ආන්දෝලනයක් ඇති කළ MCC ගිවිසුම ඉවත් කරගෙන තිබේ. රණවිරුවන්ට හා රටේ ස්වෛරීත්වයට දැවැන්ත පහරක් එල්ල කළ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී  ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනාවට දුන් සම  අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනිණ. කෙටි කාලයක් තුළ රට වෙනුවෙන් ගෙන ඇති මේ ක්‍රියාමාර්ග ගැන කිසිවෙක් කතා නොකරති. එසේ වුවද ජනතාව ඉදිරියේ තැබූ  පොරොන්දු හා ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් රටේ උන්නතිය උදෙසා කැප වන බව ජනාධිපතිතුමා කියා සිටියේය. 

ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවම් සහ ජයන්ත කැටගොඩ හා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුනගේ සංගමයේ සභාපති කාංචන ජයරත්න යන මහත්වරු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img