සහල් මිල පාලනයට කැබිනට් මණ්ඩලය ගත් තීරණය
වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර අඛණ්ඩව සතොස ආයතනයේ ශාඛා ජාලය මගින් කඩිනමින් බෙදා හැරීමට කැබිනට් හමුවේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සැලකිල්ලට ගෙන තවදුරටත් ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණයකර තිබේ.
පාලන මිල යටතේ දැනට වෙළෙඳපොළෙහි ප්‍රමාණවත් සහල් තොග නොමැතිවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකරමින් ඒ සඳහා ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවේදී මෙම තීරණ ගෙන තිබේ.






















