Monday, August 17, 2026
HomeNEWSසුරකිමු ගංඟා ව්‍යාපෘතිය අනුව ඔය කොටස දෙන්න බෑ - දේවානි ජයතිලක

සුරකිමු ගංඟා ව්‍යාපෘතිය අනුව ඔය කොටස දෙන්න බෑ – දේවානි ජයතිලක

සුරකිමු ගංඟා ව්‍යාපෘතිය අනුව ඔය කොටස දෙන්න බෑ – දේවානි ජයතිලක

අද (20) නයිවල ප්‍රද්ශයේ පැවති “ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී” අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 

එම කමිටු රැස්වීමේදී ප්‍රදේශයේ වන සංරක්ෂණ ගැටලු සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය අදහස් පළ කරමින් සිටි අවස්ථාවේදී ය. 

ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය :- “මේක 1885 මැයි 22 වනදා ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත්කරපු ලංකාවේ ප්‍රථම රක්ෂිතයක් ගම්පහ තියෙන එකම නැවුරල් කැළේ මේක විතරයි. මේ රජය අපකිරීතියට පත්වෙන්නේ මේ වගේ වැරදි තීරණ හින්දා නිලධාරීන්ගේ වැරදි තීරණ හින්දයි දේශපාලනඥයින් අපහසුතාවයට පත්වෙන්නේ.”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා :- “කරුණාකරලා ඔය මිනිස්සුන්ට වගා කරන්න දිලා තියෙනවානම් ගැසට් කරනකොට. ඕවා ගැසට් කරපු එකත් පළමුවෙන්ම වැරදියි වනජීවි එක යටතට. දුන්න නම් වගාකරන්න දීපු මිනිස්සු වගා කරලා ඒ තැන්වල ගෙවල් හදාගෙන ජීවත්වෙන මිනිස්සු එළියට දාන්න බැහැ”.

ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය :- “සුරකිමු ගංඟා“ ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේම එකක් එතකොට ඒ අනුව ගත්තාම ඔය කෑල්ල දෙන්න බැහැ”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img