Monday, August 17, 2026
HomeNEWSඅතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අපරිමිතයි !

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අපරිමිතයි !

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අපරිමිතයි !

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, ත්‍රිපිටක විශාරද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන්ගේ අපවත්වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කර සිටින්නෙමු.

1933 ජනවාරි 23 වැනි දින මිනුවන්ගොඩ, කොටුගොඩ ග්‍රාමයේ දී උපත ලැබූ උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත්ව ඇත්තේ 1948 අගෝස්තු 17 වැනිදා ය. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණෝ සිය 73 වසරක පැවිදි දිවිය තුළ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ කාරක සංඝ සභික, අනුනායක ලේඛකාධිකාරී, මහා නායක යන ධුරයන් දරමින් මහෝපාධ්‍යාය, ත්‍රිපිටක විශාරද ගෞරව නාමයන් ලබමින් 2017 දී අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර  මහා නාහිමිපාණන්ගේ අපවත්වීමෙන් අනතුරුව උත්තරීතර මහා නායක ධුරයට පත්වූහ.

උන්වහන්සේ ප්‍රකටව සිටියේ ලොව පුරා ධර්ම ප්‍රචාරණයෙහි යෙදුණු මහා යතිවරයාණන් වහන්සේ නමක් ලෙසිනි. ඉන්දියාව, නේපාලය, චීනය, ජපානය, ජර්මනිය, එක්සත් ජනපදය, රුසියාව, සිංගප්පූරුව, බුරුමය, තායිලන්තය, පාකිස්ථානය හා මොංගෝලියාව යන රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේ  බුරුම රජයෙන් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ. 

1960 පමණ සිට බෞද්ධ ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේ ධර්ම දානය පිණිස රචිත ග්‍රන්ථ ප්‍රමාණය 36කි. මේ සියලු කරුණු මැනවින් අප හමුවෙහි අවධාරණය කරනුයේ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහා ඉටුකළ අපරිමිත මෙහෙවර ය. උන්වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහා මෙන්ම අප ජාතියෙහි උන්නතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ද අනුපමේය බැව් කෘතවේදීව සිහිපත් කළ යුතුය. අවසාන වශයෙන් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන්ට අජරාමර නිර්වාණ සම්පත්තිය පතන්නෙමු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img