Sunday, August 16, 2026
HomeNEWSපාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරි සති දෙක...

පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත භාර දීමට අපේක්ෂා කරනවා.

පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත භාර දීමට අපේක්ෂා කරනවා.

➢ පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටුවාර්තාව ඉදිරි සති දෙක ඇතුළත භාර දීමට අපේක්ෂාකරනවා.➢ පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන්සෑහීමට පත්වන්නේ නැහැ.➢ ක්‍රමයෙන් පහව යන ගෝලීය කොවිඩ් වසංගතය ජය ගනිමින් ලංකා සංචාරක කර්මාන්තය ඉහළ ප්‍රවර්ධනයක් ඉක්මනින්ළඟා කරගනු ඇතැයි අපේක්ෂා කරනවා.

                                                                  -සංචාරකඅමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා

පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටුවාර්තාව ඉදිරි සති දෙක ඇතුළත භාර දීමට අපේක්ෂා කරන බවසංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ (22) උඩුගම්පල පැවති රන්ලිය අරුණ කාන්තා වැඩසටහනින්අනතුරුව මාධ්‍යවේදීන්  ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීම් වලටපිළීතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ පාස්කු කොමිෂන්සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම්කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික සභාව ඉදිරිපත් කොටඇති මතය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කල බවයි.

ඒ අනුව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ නැවතඅධ්‍යනය කොට අඩුපාඩු සකස් කොට ඒ පිළිබඳව පරීක්ෂණපවත්වන්නැයි ත්‍රස්ත විමර්ශන ඒකකට සහ රහස් පොලීසියටනිර්දේශ කිරීමට අපේක්ෂා කෙරේයි.

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් සෑහීමටපත්වන්නේදැයි මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වියනොහැකි බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම සහඒවායේ අඩුපාඩු  පිළිබඳව නැවත සාකච්ඡා කිරීමක් සිදුකළබවත්ය.

කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මේ වන විට රටම දන්නා නමුත්ඒවායේ පැවති ඇතැම් ගැටලූ සහගත තත්වයන් සම්බන්ධයෙන්තවදුරටත් ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රහස් පොලීසියයපරීක්ෂණ පවත්වනු ලබයි.

මෙම කොමිෂන් සභා වාර්තාව භාර දී තවමත් කෙටි කාලක් බැවින්හරි දේ හරියට කිරීමට කාලය ගතවීම ගැටලුවක් කර නොගෙනනිවැරදි තීරණ ගැනීමට පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනයසඳහා පත්කළ කමිටුව පියවර ගන්නා බව අමාත්‍යවරයා  මෙහිදීඅවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img