ගෙවුණු ටයර් සහිත වාහන රියදුරන් සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂි කර්මාන්තයේ නිරත වන්නන් වෙනුවෙන් යොදා නොගන්නා ලෙසට ඉල්ලීමක්
ගෙවුණු ටයර් සහිත වාහන රියදුරන් සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂි කර්මාන්තයේ නිරත වන්නන් වෙනුවෙන් යොදා නොගන්නා ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද(23) ඉල්ලීමක් කළේය.
කෘෂි කර්මාන්තය සඳහා භාවිත කරන වාහනවලට අදාළ ටයර් වෙළඳ පොළ තුළ මේ වන විට හිඟව පවතින බැවින් මේ සම්බන්ධව කඩිනමින් සොයා බලන ලෙස හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
එහිදී පිළිතුරු දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ කඩිනමින් පොලිස්පතිවරයා සමඟ සාකච්ජා කර ඊට අදාළව සුදුසු පියවර ගන්නා බවයි.






















