දැවිතෙල් භාවිතය අවම කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා
දැවිතෙල් භාවිතය අවම කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
LNG ක්‍රමය වර්තමානයේදී සාර්ථකව ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම කීවේය.
එමෙන්ම 2020 වසරේ අගෝස්තු මස 17 වැනි දින පැය 09 කට අධික කාලයක් රට පුරා විදුලිය විසන්දි වීමට අදාළව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව සියලු දෙනාගේ දැන ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.
2016 වසරේදී හා 2015 වසරේදී ද මෙවැනිම විදුලි බිඳ වැටීම් සිදුව ඇති අතර, ඒ පිළිබඳව සොයා බැලීමට පත් කල කමිටුවල වාර්තාද පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.






















