Sunday, August 16, 2026
HomeNEWSHNDE සිසුන්ගේ විරෝධතාවයට ආණ්ඩුකාරවරියගෙන් විසදුම්

HNDE සිසුන්ගේ විරෝධතාවයට ආණ්ඩුකාරවරියගෙන් විසදුම්

HNDE සිසුන්ගේ විරෝධතාවයට ආණ්ඩුකාරවරියගෙන් විසදුම්

නැගෙනහිර පළාත් ඉංග්‍රීසි ගුරු විභාගයේ ප්‍රශ්ණ පත්‍ර කලින් පිට වුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු වන බවට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ලබා දුන් පොරොන්දුව හමුවේ අදාළ විභාගයට පෙනි සිටි සිසුන් දියත් කළ විරෝධතාවය නතර කිරීමට ඔවුන් පියවර ගත්හ.

පුරා දින එකහමාරක් පැවති එම විරෝධතාවය අවසන් කර ඔවුන් ආණ්ඩුකාරවරියට ප්‍රශංසා කරමින් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටින් ඉවත් වීමටද කටයුතු කළහ. 

පසුගිය පෙබරවාරි 25 වනදා නැගෙනහිර පළාත සදහා ඉංග්‍රීසි ගුරුවරුන් බදවා ගැනීමට මෙම විභාගය පැවති අතර එහි අභියෝගතා පරීක්ෂණයේ ප්‍රශ්ණ 17ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති පවත්වන දමිළ ගුරුවරයෙකුට ලැබී ඇති බවට මෙම සිසුන් චෝදනා කරති. මීට පෙරද එම සිසුන් මේ ගැන ආණ්ඩුකාරවරියට ලිඛිත පැමිණිල්ලක් සිදු කළ අතර එහිදි ආණ්ඩුකාරවරිය ඒ පිළිබද විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. තත්වය එසේ තිබියදී මෙම සිසුන් ඊයේ (22) පෙරවරුවේ සිට ආණ්ඩුකාරවරිය හමුවිය යුතු යැයි පවසමින් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළහ. 

විශේෂ රැස්වීම් කිහිපයකට  සහභාගි වීම සදහා කොළඹ සිටි ආණ්ඩුකාරවරිය අද (23) පෙරවරුවේ ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම සිසුන්ගේ ගැටළුව කඩිනමින් විසදා දෙන බව පැවසුවාය. එහිදී සිසුන් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා සිටියේ මෙම විභාගයට පෙනී සිටි නැගෙනහිර පළාතේ සිසුන්ට එම පළාතේම පත්වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසය. 

ඊට අමතරව මෙම විභාගයට පෙනි සිටීම සදහා වන වයස් කාලසීමාව අවුරුදු 40 දක්වා වැඩි කර දෙන ලෙසත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනත් විෂයයන් සහිත උපාධිධාරීන් සදහා ඉංග්‍රීසි ගුරු පත්වීම් ලබාදීම නතර කරන ලෙසත් ඔවුන් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා සිටියහ.

අනතුරුව එම කරුණු මත පදනම්ව ඉදිරි බදවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි පළාත් අධ්‍යාපන ලේකම්වරයාට ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය. මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා ද එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...

ශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමි සිල්වා මහාචාර්යවරයා මහා ප්‍රාඥයෙක්- එජාප සභාපති වජිර

අභාවප්‍රාප්ත මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (15) කළ ප්‍රකාශය මහාචාර්ය පී....

ජර්මනියේ වෙබර් ශ්‍රී ලංකාවේ රොමේෂ්ට අභියෝග කිරීමට සැරසෙයි

2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි. යුරෝපීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img