Sunday, August 16, 2026
HomeNEWSආනයනය කෙරෙන පිරිපහදු නොකළ පොල්තෙල්වල සියයට 40ක් විෂ රසායනික ද්‍රව්‍ය අන්තර්ගතයි -...

ආනයනය කෙරෙන පිරිපහදු නොකළ පොල්තෙල්වල සියයට 40ක් විෂ රසායනික ද්‍රව්‍ය අන්තර්ගතයි – රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

මෙරටට ආනයනය කරන පිරිපහදු නොකරන ලද පොල්තෙල්වල සියයට 40 ක් පමණ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අන්තර්ගතවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඊට හේතුවී ඇත්තේ ලාභදායී පොල්තෙල් ගෙන්වීමට සමාගම් ක්‍රියා කිරීම හේතුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය.

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකරන ලද පොල්තෙල් තොගය සම්බන්ධයෙන් අද (26) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රශ්න කෙරුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අදාළ පොල්තෙල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසුද යන්න පිළිබදව නැවත පරීක්ෂා කරන තෙක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවා ඇති බවය.

මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ ඒකකය නිර්දේශකර ඇති අදාළ පිරිපහදු නොකරන ලද පොල්තෙල් තොගය විනාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සඳහන් කළේ එම පොල්තෙල් තොගය මුදාහැර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

කෙසේ වුවද එය ප්‍රතික්ෂේප කළ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙරටට ලාභදායී පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හේතුවෙන් එම පොල්තෙල්වලින් සියයට 40 ක පමණ ප්‍රතිශතයක් විෂ රසායනික ද්‍රව්‍යවලින් සමන්විත බවය.

“මේ ගෙනල්ලා තියෙන පොල්තෙල් තොගය තුළ විශාල ප්‍රතිශතයක් ඇෆලටොක්සින් තියෙන නිසා ඒක සම්පූර්ණයෙන්ම පිරිපහදු කළත් ඒක යන්නේ නැති නිසා ඒ වාර්තාව එවලා තියෙනවා. ඒ නිසා මාර්තු 4 වැනිදා ඒක ප්‍රතිඅපනයනය කරන්න කියලා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වලා තියෙනවා. දිගින් දිගටම පොල්තෙල් මේ විදිහට අපේ රටට ආනයනය කරනවා. මේ ආනයනය කරන අය කියනවා අඩුවට තියෙන එකක් එවන්න කියලා. එහෙම එවන්න එහෙ ඉන්න අය කරන දේ තමයි සියයට 60ක් පොල්තෙල් දාලා සියයට 30ක් විෂ සහිත කෘතිම තෙල්වර්ග දාලා තවත් සියයට 10ක් එකතු කරනවා පොල්තෙල්වල සුවඳ. පිරිපහදු නොකරන පොල්තෙල් ගේන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න කියලා තමයි අපි කියන්නේ,”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img