තුන්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනතාව සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ උපදෙස් මාලාවක් අද (01) දිනයේ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
TV දෙරණ ඔස්සේ ඊයේ (31) රාත්‍රී විකාශය වු “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.
“තුන්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉස්සරහට පැමිණෙනවා. පසුගිය සති දෙක තුනෙහි අපි අත්දැකීමෙන් දැක්කා මිනිසුන් කඩවලට යනවා, කඩවල පිරිලා. මේවා සමඟ අපිට 100%ක් නතර කරන්න බැහැ. මහජනතාවට සිංහල අවුරද්ද ඉතාම සෞඛ්‍ය ආරක්ෂාණූකූලව සමරන්නේ කියන එක ගැන උපදෙස් මාලවක් අපි නිකුත්කරනවා. අවුරුදු උත්සවයක් තියෙනවානම් ඉතාමත් පොඩියට සංවිධානය කරන්න ගමේ අය විතරක්, අපි ඒ ක්‍රීඩා කරන්න මොන ක්‍රීඩාද පුළුවන් කියන එක. කණ්ඩායමක් වගේ එකතුවෙලා ඒවා කරන්නේ නැතුව තමන්ට කරන්න පුළුවන් ක්‍රීඩා මොනවද කියන එක අපි කියලා දෙනවා. “






















