Thursday, September 24, 2026
HomeNEWSසෞඛ්‍ය අංශ තවත් කොවිඩ් රැල්ලක අවදානම පෙන්වා දෙති

සෞඛ්‍ය අංශ තවත් කොවිඩ් රැල්ලක අවදානම පෙන්වා දෙති

උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා මේ වන විටත් ජනතාව සුදානම් වෙමින් සිටී.

කෙසේ වෙතත් මෙවර අලුත් අවුරුදු සමයේ කොවිඩ් – 19 වෛරසය පාලනයට පනවා ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළහොත් කනගාටුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

රාශි චක්‍රයේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙසින් සැලකෙන අතර සුබ නැකැත්වලට අනුව චාරිත්‍රවාරිත්‍ර ඉටුකිරීම අතීතයේ පටන් පැවති සම්ප්‍රදාය වේ. 

පසුගිය වසරේදී මෙරට ජනතාවට අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි සැමරීමේ අවස්ථාව අහිමිවූයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට රට තුළ සංක්‍රමණ සීමා පනවා තිබීම නිසාය.

නමුත් මෙවර නව සාමාන්‍යකරණය යටතේ ජනතාවට අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව හිමි වී තිබේ.

ඒ අනුව ජනතාව ඇඳුම් පැළඳුම්, බඩුබාහිරාදිය මිල දී ගැනීම සඳහා සාප්පු සංකීර්ණ හා වෙළෙඳසැල්වලට රැස්ව සිටියේය.

කෙසේ වෙතත් මෙලෙස ජනතාව අසීමිත ලෙස එක්රොක්වීම එතරම් සුදුසු තත්ත්වයක් නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, “අපිට පේන්න තියෙන්නේ වීදි පුරා මහජනතාව අසාමාන්‍ය විදියට රැස්වෙලා ඉන්නවා. සමාජ දුරස්ථභාවය නොතකමින් කටයුතු කරනවා. අප්‍රේල් මාසයේ අවසානයේ දී සහ මැයි මාසයේ මුල භාගයේ දී වගකීමෙන් තොරව හැසිරෙන ජනතාවට නිරෝධායනය වෙන්න සිදුවෙනවා කියන එක නම් ඉතාම පැහැදිලි.” යනුවෙනි.

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ වෛරසය පැතිරයාමට එක රෝගියෙක් පමණක් සිටීමත් ප්‍රමානවත් බවය.

මේ අතර, ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා පැවසුවේ වසංගත රෝග ව්‍යාප්තියක් පවතින වාතාවරණයක අලුත් අවුරුදු සැමරීම් සීමාකිරීම අතීතයේ ද මුතුන්මිත්තන් අනුගමනය කළ පිළිවෙතක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img