Wednesday, July 29, 2026
HomeNEWSරිජ්වේ ළමා රෝහලට පැමිණෙන අයට දැනුම්දීමක්

රිජ්වේ ළමා රෝහලට පැමිණෙන අයට දැනුම්දීමක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව දවසේ එක් අවස්ථාවකදී පමණක් රෝගීන් බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව හිමි වේ.

එය විනාඩි 15 කට සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ,

“නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම අපි සම්පූර්ණයෙන් ලබාදී තිබෙනවා. හැබැයි රෝගීන් බැලීමට පැමිණිය හැක්කේ එක් අයෙකුට පමණයි. එක් අවස්ථාවක පමණයි පැමිනෙන්න පුලුවන්. එකත් අපි සීමා කරලා තියෙන්නේ විනාඩි 15ක් පමණ කාලයකට. කරුණා කරලා මේ උපදෙස් අනුව කටයුතු කරන්න. සායනික කටයුතු සඳහා පැමිණෙන විට ඒ කාලය අවම කරගැනීම සඳහා එම රෝගියා සමග එක් අයෙක් පමණක් පැමිනෙන්න. හැකි සෑම අවස්ථාවකම 1390 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන්කර ගෙන පැමිණෙන්න. මෙම අංකය අමතා තම දරුවා සායනික කටයුතු සඳහා රැගෙන ආ යුතුද?  නැද්ද? එහෙම තැතිනම් ප්‍රතිකාර වෙනස් කළ යුතුද නැද්ද? යන්න හෙදියක් හෝ වෛද්‍යවරයෙක් සම්බන්ධකරගෙන දැනගන්න පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img