Friday, November 13, 2026
HomeNEWSපිළිකා කාරක පොල් තෙල් වෙළෙඳපොළෙන් ඉවත්කර ගන්නැයි නියෝගයක්

පිළිකා කාරක පොල් තෙල් වෙළෙඳපොළෙන් ඉවත්කර ගන්නැයි නියෝගයක්

“ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකා කාරක අඩංගු බවට හඳුනාගත් දේශිය පොල් තෙල් සමාගමක නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී තිබේ.

සිදුකළ පරීක්ෂණවල දී එම පිළිකා කාරකය පොල් තෙල් සාම්පලවල අඩංගු බවට හඳුනාගැනීමත් සමඟ එම පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ “අද දෙරණ“ට සඳහන් කළේය.

“ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකා කාරය වෙළෙඳපොළේ අලෙවි වන පොල් තෙල්වල අඩංගු වී ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබුණි.

එහිදි විවිධ වෙළෙඳ නාමයටතේ පවතින පොල් තෙල් නිෂ්පාදනවල සාම්පල පරීක්ෂාවට ලක්කිරීමේ දි ඉන් එක් නිෂ්පාදනයක අදාළ පිළිකා කාරකය පවතින බවට තහවුරු වු බව පාරිභෝගික අධිකාරිය පැවසුවේය.

පසුව එම සමාගමට අයත් කර්මාන්ත ශාලාවලින් ද සාම්පල ලබා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර එහිදි “ඇෆ්ලටොක්සින්“ පිළිකා කාරකය එම පොල් තෙල් සාම්පලවල අඩංගු බවට තවදුරටත් තහවුරු වී තිබේ.

ඒ අනුව එම නිෂ්පාදන සමාගමේ පොල් තෙල් තොග වෙළෙඳ පොළෙන් ඉවත්කර ගන්නා ලෙස ලිඛිතව දැනුම් දී ඇති අතර එම සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සතියක් ඇතුළත දෙපාරක්ම කොළඹ ගංවතුරට යට වුණා.. කොළඹ මහ නගර සභාව හොඳටම ෆේල්- ෂිරාස් යුනුස්

සතියක් ඇතුළත පැමිණි දෙවැනි ගංවතුරෙන්ද කොළඹ යටවීම වළක්වා ගැනීමට මාලිමාවෙන් පාලනය වන වර්තමාන කොළඹ මහ නගර සභාවට නොහැකි වූ බව නව ලංකා නිදහස් පක්ෂයේ...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල යළි ඉහළට

ඉරානය සමඟ ගිවිසුමක් අවශ්‍ය නොවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ ලෝක වෙළඳපලේ තෙල් මිල යළි ඉහලට; බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් 3.3% කින් ඉහළ...

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img