Monday, September 21, 2026
HomeNEWSතොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන...

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.

ලෝක මාධ්‍ය නිදහස්  දිනය යෙදෙන අද දිනයේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.

මේ වනවිට තොරතුරු සන්නිවේදනය ලොව වේගයෙන්ම දියුණුවන විෂය පථයක් බවට පත්ව තිබේ. පසුගිය දශක කිහිපයක කාලය තුළ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාවට තොරතුරු ගලා යාම වේගවත් විය.

එහෙත් කාලීන අවශ්‍යතාව වී ඇත්තේ ස්වාධීන හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාවයි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත වන්නේ නිවැරදි මාධ්‍ය භාවිතාව තුළිනි.

ඒ වෙනුවෙන් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකම ක් ද වන බව මාගේ විශ්වාසයයි.

මෙරට මාධ්‍ය නිදහස බරපතළ ලෙස කප්පාදුවට ලක්ව තිබූ යුගයන් පිළිබඳව අප අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. අප බලයට පත්ව සිටින සෑම අවස්ථාවකම තොරතුරු දැනගැනීමේ අයිතියත් මාධ්‍ය නිදහසත් සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බව සිහිපත් කරමි.

ලොවම වසංගත තත්ත්වයකින් පීඩා විඳින මෙවන් වකවානුවක තොරතුරු මහජන යහපත උදෙසාය තේමාවෙන් මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරීම ඉතා කාලෝචිත වේ.

රටක් වශයෙන් මෙම වසංගත අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේ දී ජනතාව දැනුවත් කරමින් ජීවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටුකරනු ලබන  සුවිශේෂ කාර්යය භාරය සහ කැපකිරීම රජය සැමවිටම අගය කරමි.

දැනුමෙන් සන්නද්ධ විය යුතු ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව උදෙසා  අධ්‍යාපන ශිෂ්‍යත්ව මෙන්ම මාධ්‍ය උපකරණ ලබාදීමට අප තැබූ පියවර ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.

ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින්  රටේ සමස්ත සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි මම සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමි.

මහින්දරාජපක්ෂ,

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, 

අග්‍රාමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img