Thursday, November 12, 2026
HomeNEWSගැබිණි කාන්තාවන්ට කොවිඩ්වලින් ඇති අවදානම

ගැබිණි කාන්තාවන්ට කොවිඩ්වලින් ඇති අවදානම

ගැබිණි කාන්තාවන්ට පළමු සති 28න් පසු කොවිඩ් ආසාදනයවීම යම් බරපතළ තත්ත්වයක් බව කාසල් වීදියේ කාන්තා රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරොල් මහතා පවසයි.

ගැබිණි කාන්තාවන්ට කොවිඩ් වෛරසය ආසාදනයවීම සම්බන්ධයෙන් අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සනත් ලැනරොල් මහතා ඒ බව පැවසීය.

“පළවෙනි සති 28 දී මේ රෝගය හැදෙන කාන්තාවන්ගෙන් 80%ක විතර කිසිම රෝග ලක්ෂණයක් නෑ. PCR කරොත් පමණයි හොයා ගන්න පුළුවන්. මේ කාලයේදී දරුවන්ට වන සංකූලතා අඩුයි. සති 28න් පසුව මව්වරු කොවිඩ් ආසාදිත වුණොත් ටිකක් බරපතළ තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ අනුව දෙවන සති 28දී සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්. එම ගර්භණී මව්වරුන් සැක සහිත රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි.”

මේ අතර කොවිඩ් ආසාදිතයින් රෝහල්වලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදය යළි සලකා බැලිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වාදෙන්නේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් බොහෝ පිරිසක් මේ වනවිටත් නිවාසවල රැඳී සිටින බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මෙම අදහස් පළ කළේය.

“අලුත් වෛරස් ප්‍රභේදය නිසා බොහෝ රෝගීන් ශ්වසන ආබාධවලින් පෙළෙනවා. රෝගීන් වැඩිවීමත් සමග සෞඛ්‍ය අංශයේ මේ වනවිට යම් යම් ගැටලු මතුවෙලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img