Friday, November 13, 2026
HomeNEWSනායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවා ගිය වර්ෂාපතයක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතර කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

එමෙන්ම කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ද නායයෑම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර  තිබේ. 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ දෙහිඕවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, අයගම, කලවාන, කුරුවිට, නිවිතිගල, රත්නපුර සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද නායයෑම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයන්ද වාර්තා වන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

කැලණි ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව ද සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img