Wednesday, June 3, 2026
HomeNEWSඑන්නත්කරණයේ ප්‍රගතිය

එන්නත්කරණයේ ප්‍රගතිය

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වන විට මෙරට පුද්ගලයින් ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් සඳහා කොවිඩ් මර්දනය සඳහා වන පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.

එහිදී ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 දෙනෙකු සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

එමෙන්ම සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 601,508 දෙනෙකුට සහ ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,984 දෙනෙකු සඳහා ලබාදී තිබේ.

මීට අමතරව කොවිඩ් මර්දනය සඳහා වන එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින් 343,805 දෙනෙකු සඳහා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ අතර කොවිඩ් එන්නත්කරණ වැඩසටන අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අද (30) දිනයේ සිට රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවල පුද්ගලයින්ට ද කොවිඩ් එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

මේ අතර, රට පුරා කම්හල්වල කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව වගකිව යුතු බවට නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමය විසින් සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ සිදුකරන එම චෝදනාවන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවය.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග තම ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු කර්මාන්ත ශාලා මේ වන විටත් දැනුවත් කර ඇති බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම පසුගියදා තුල්හිරිය ප්‍රාදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලවේ ආසාදිතයින් වාර්තාවී සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම ආයතනය නියමිත උපදෙස් අනුව ක්‍රියාකර ඇති බවට අනාවරණය වූ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මෙරට සියලු පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවකයින්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉදිරියේදී එන්නත්කරණ කටයුතු සිදුකිරීම සඳහා ද මේ වන විට අවශ්‍ය කටයුතු සලසා ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img