“එක්ස්ප්රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම නවතා දැමු බව නාවික හමුදාව පවසයි.
ඒ නෞකාවේ එක් පැත්තක් මුහුදු පත්ලේ ගැටීමත් සමඟ ය.
කෙසේවෙතත් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන්නේදැයි මෙතෙක් නිරීක්ෂණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද නාවික හමුදාව පවසයි.
කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.
ඒ අනුව අදාළ ගැලවුම්කාර සමාගමට පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද අද (02) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු විය.
ගැලවුම්කාර සමාගමේ ටග් යාත්රා මඟින් නෞකාව ගැඹුර මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබු නමුත් නෞකාව ගිලෙමින් පැවතීම හේතුවෙන් එම කටයුතු එලෙස නවතා දමා තිබේ.
කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් වු මුහුදේ නැංගුරම්ලා තිබු සිංගප්පුරුවේ ලියාපදිංචි “එක්ස්ප්රස් පර්ල්” නෞකාව සම්පූර්ණයෙන් ම මුහුදේ ගිලී යෑමෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ධීවරයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඒ අනුව පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධිවර යාත්රාවලට ධිවර කටයුතුවලින් ඉවත් කරන ලෙස දැනුම් දී තිබේ.






















