Wednesday, November 11, 2026
HomeNEWSනින්දාසහගත තීන්දුව ආපසු හරවා තෙල්මිල අඩු කරනු-සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සහ සමඟි...

නින්දාසහගත තීන්දුව ආපසු හරවා තෙල්මිල අඩු කරනු-සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක.


ඉතිහාසයේ නිර්ලජ්ජිතම සහ,නින්දා සහගතම ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව ආණ්ඩුව විසින් ගත් අතර,එම තීන්දුව මේ වනවිටත් රට පුරා දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.අදාල තීන්දුව ගත්තේ කවුදැයි කියා නොදන්නා තරමට ආණ්ඩුව ද විහිලුවක් බවට පත්ව තිබේ.තමන් විසින් සාමූහිකව ගත් තීන්දුව එසේ නොවන බවට පවසමින් එක් අයෙකු ගිලටීනයට දැක්කවීමට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය කටයුතු කරමින් සිටී.
තමන්ගේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් අවසානයේ ගිලටීනයට යන්නේ ආණ්ඩුවේ කිසිවෙකු නොව අහිංසක ජනතාවය.
⏹ආණ්ඩුව විසින් එකිනෙකාට දෝෂාරෝපණය කරගැනීමෙන් ජනතාවට සිදුවන සෙතක් නැත.ආණ්ඩුවේ පවතින බල අරගලය ආණ්ඩුව විසින් විසඳා ගතයුත්කත් වන අතර ඒ අරගලයේ වින්දිතයන් බවට ජනතාව පත්කොට පෙළනතුරු බලා සිටීමට අප සූදානම් නැත.

⏹එබැවින් අප ආණ්ඩුවට අවධාරණය කරන්නේ ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීමට ගත් අත්තනෝමතික,සාහසික තීන්දුව වහාම හකුලාගන්නා ලෙසය.

⏹එය එසේ නොකර, හුදෙක් මාධ්‍ය සංදර්ශන තුළින් ජනතාවට කිසිදු සෙතක් සැලසෙන්නේ නැති අතර මෙවන් ප්‍රාථමික සහ සිල්ලර විහිළු වසර දෙකක් තිස්සේ ජනතාව අත්දැක ඇති බවද අපි ආණ්ඩුවට සිහිපත් කරමු.
එබැවින්,
කොරෝනා හමුවේ දැඩි පීඩනයකට හසුව,වේලක් නොකා වේලක් කමින් දුක් විඳින මිනිසුන් සිටින රටක, ආණ්ඩුව බල උන්මාදයෙන් ද,වගකීම් විරහිතව ද ගනු ලැබූ අත්තනෝමතික තීන්දුව දෙවරක් නොසිතා වහාම ආපසු හරවා,තෙල්මිල අඩුකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img