Saturday, October 31, 2026
HomeNEWSමෙරට කොරෝනා වසංගත පාලනයට සම්පූර්ණ සහාය දෙනවා - ලෝක සෞඛ්‍ය සංවිධානය

මෙරට කොරෝනා වසංගත පාලනයට සම්පූර්ණ සහාය දෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වසංගතය පාලනයට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයට ලෝක සෞඛ්‍ය සංවිධානය සම්පූර්ණ සහාය ලැබෙන බව එහි මෙරට නිත්‍ය නියෝජිතවරිය පවසයි. 

අලකා සිං මහත්මිය මේ බව පැවසුවේ අද (15) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වුණු එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය.

එම එන්නත්කරණ වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදුවේ.

මේ අතර දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වාර්තාකරමින් ඊයේ (14) මෙරට පුද්ගලයන් 384,763 දෙනෙකුට  කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ.

එමෙන්ම බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා යුද හමුදාවෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ආරම්භ වී තිබුණි.

එම එන්නත්කරණ කටයුතු සිදුකරන්නේ යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් විසින්ය.

අද සිට සෑම දිනකම උදෑසන 8.30ට මෙහි එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන අතර එය සවස 4.30 දක්වා ක්‍රියාත්මකය.

යුද හමුදාව නිවේදනය කළේ බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් හෝ ඡන්ද නාමලේඛණයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පිටපතක් රැගෙන ඒමෙන් විහාරමහාදේවී උද්‍යානයේ ස්ථාපිත මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාව පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img