Saturday, October 31, 2026
HomeNEWSපාසලුත් නෑ, ඔන්ලයිනුත් නෑ - දරුවන් දැක්වූ විරෝධය

පාසලුත් නෑ, ඔන්ලයිනුත් නෑ – දරුවන් දැක්වූ විරෝධය

ගුරු ගැටලුව විසඳා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කරන්නැයි ඉල්ලා රාගම ගනේමුල්ල ප්‍රදේශයේ දරුවන් පිරිසක් අද (15) විරෝධතාවක නිරත විය.

ඊට එක්ව සිටි දරුවෙක් සඳහන් කළේ, 

“සමහර වෙලාවට ගුරුවරු අපිත් එක්ක අඬනවා. ඒ ගුරුවරු අපිට උගන්වන්නේ ගුරුවරුන්ගේ දරුවන්ටත් ඒ වෙලාවටම ඔන්ලයින් පන්ති තියෙද්දි. අපිට උගන්වන නිසා ඒ ළමයින්ට පන්තියට සහභාගි වෙන්න විදිහක් නෑ කියලා. ගුරුවරුන්ගේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බැලුවා නම් අද මේ ගුරුවරු වර්ජනයකට යන්නේ නෑ.”

“2021 විභාගවලට මුහුණ දෙන දරුන්ගේ දෙමාපිය සංසදය” ද අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියේ ගුරු වර්ජනය නිසා මේ වසරේදී විභාගවලට මුහුණදෙන දරුවන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවය.

මේ අතර වර්ජනයේ නිරත ගුරු සංගම් සහ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින වෘත්තිය සමිති සාමාජිකයන් අදත් මාධ්‍ය හමු කැඳවමින් සිය ඉල්ලීම් පිළිබඳ අදහස් දැක්විය.

ගුරු සංගම් 14ක් ජුලි 12 වනදා සිට මෙම වර්ජන ආරම්භ කර තිබුණි.

එම වැඩවර්ජන ආරම්භ කිරීමට හේතු වූයේ සිය වෘත්තිය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යෑම බව ඔවුන් පවසයි.

ඒ හේතුවෙන් අද සිව්වන දිනටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img