Sunday, November 1, 2026
HomeNEWSමධ්‍යම පළාතේ මොඩර්නා එන්නත ලබාදීම ඇරඹේ

මධ්‍යම පළාතේ මොඩර්නා එන්නත ලබාදීම ඇරඹේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවූ මොඩර්නා එන්නත මධ්‍යම පළාතේ ජනතාවට ලබාදීම අද (18) ආරම්භ විය.

මේ යටතේ මහනුවර,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවූ මොඩර්නා එන්නත මධ්‍යම පළාතේ ජනතාවට ලබාදීම අද (18) ආරම්භ විය.

මේ යටතේ මහනුවර,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකෙරේ.

මහනුවර කෙන්ගල්ල ප්‍රදේශයෙන් එන්නත්කරණ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වු බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

මේ අතර සීගිරිය ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියුතු පුද්ගලයින්ට ද මොඩර්නා එන්නත ලබාදීම අද ආරම්භ කර තිබේ.

අමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා යොමුකළ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් පසුගිය 16වනදා මෙරටට ලැබී තිබුණි.

මේ අතර යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදුකරන එන්නත්කරණ වැඩසටහන් අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදීම ක්‍රියාත්මක කෙරුණි

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (17) දිනය තුළ සයිනොෆාම් හා ෆයිසර් යන එන්නත්වලින් පළමු හා දෙවන මාත්‍රා ලෙස ලබාදී ඇති සමස්ත මාත්‍රා ගණන 167,462 ක් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ දැක්වේ.

මේ දක්වා කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 5,578,909ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,668,074 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img