Wednesday, November 11, 2026
HomeNEWSඅද එන්නත්කරණය සිදුකරන ස්ථාන

අද එන්නත්කරණය සිදුකරන ස්ථාන

අද (20) දිනය පුරා දිවයිනේ ස්ථාන කිහිපයක දී එන්නත්කරණය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එහිදී පුත්තලම දිස්ත්‍රික්කයට ෆයිසර් එන්නතලේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතය.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සහ මහනුවර දිස්ත්‍රික්කයට මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන රැසක දී එන්නත්කරණ කටයුතු සිදුකරනු ලබයි.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සයිනොෆාම් හා ඇස්ට්‍රාසෙනෙකා පළමු හා දෙවන මාත්‍රාවත්, ෆයිසර් දෙවන මාත්‍රාවත් ලබාදීමට නියමිතය.

ඒ අනුව, එන්නත්කරණය සිදුකරන ලබන දිස්ත්‍රික්ක හා ස්ථානයන් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ප්‍රදේශ මෙසේය.

*ඔලබොදුවාව දකුණ, ඔලබොදුවාව නැගෙනහිර, කුඹුක දකුණ
*හේනගම, කුළුපන, මීමන
*බටුවිට දකුණ
*උඩුව දකුණ, හොරණ උතුර, වීවල බටහිර, වීවල නැගෙනහිර
*මුණගම බටහිර, දික්හේනගම, දික්හේනගම 616 C
*නාත්තාන්ගල, පහළ මිල්ලෑව දකුණ, කොටිගම්ගොඩ, පහළ මිල්ලෑව උතුරු
*කොළමැදිරිය උතුර, රයිගම නැගෙනහිර, මහවත්ත, ගැලනියගම
*යුද හමුදා මුලස්ථානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img