පොලිස්පති ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කළ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වෙයි.
එම සහකාර පොලිස් අධිකාරීවරයා ද කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට කුණ්ඩසාලය පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
සහකාර පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා නීති ශිෂ්‍යයකු වන අතර කොවිඩ් ආසාදිතවීමෙන් කොතලාවල ආරක්ෂක විද්‍යා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් ඇත.
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී එම නිලධාරියාගේ බිරිඳ ද ඉකුත් සතියේදී මියගොස් තිබුණි.






















