Thursday, November 12, 2026
HomeNEWSහික්කඩුවේ එන්නත් පළහිලව්ව ගැන මාධ්‍යට කී තරුණයා ව පොලීසියට කැඳවයි

හික්කඩුවේ එන්නත් පළහිලව්ව ගැන මාධ්‍යට කී තරුණයා ව පොලීසියට කැඳවයි

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් දොඩන්දූව ප්‍රදේශයේ පැවැත්වූ එන්නත්කරණ වැඩසටහනකදී  එන්නත් ලබානොදී එන්නත ලබාගත් බවට ජනතාවගේ කාඩ්පත්වල සලකුණු කිරීමේ සිද්ධියක් පසුගියදා අනාවරණය විය.

එය අනාවරණය වූයේ එම ස්ථානයේ තරුණයෙක් එම සිදුවීම මාධ්‍යට හෙළිකිරීම හේතුවෙනි.

කෙසේවෙතත් අදාළ අනාවරණය සිදුකරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පුද්ගලයාගෙන් සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (31) ගාල්ල පොලිස් ස්ථානයට කැඳවීමක් කර තිබූණි. 

ඒ අනුව, ඔහු නීතිඥවරුන් පිරිසක්ද සමග එහි පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.

“ජනතාව වෙනුවෙන් මම කතා කළේ. ඒ සම්බන්ධව මට ඊයේ සවස ගාල්ල පොලීසියෙන් දුරකථන ඇමතුමක් ආවා. මගෙන් ඇහුවා ඔයා ඉන්නේ කොහෙද කියලා. එතකොට කිව්වා ඔයාට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා ගාල්ල පොලීසිය හම,හමුවට එන්න. ඇවිත් සාක්ෂි දෙන්න කියලා. මට යම්කිසි බියක් තියෙනවා. මම ජනතාව වෙනුවෙන් කතාකළේ. ජනතාවගේ එන්නත වෙනුවෙන් කතාකළේ. මට බියක් තියෙනවා මාව අත්අඩංගුවට ගනී කියලා.”

මේ අතර, ජාතික අක්ෂි රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකින් හා උපස්ථායකවරුන් අද (31) පැය කිහිපයක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

ඒ එම රෝහලේ එන්නත්කරණ වැඩපිළිවෙළේ අක්‍රමිකතා හෙළිකිරීම නිසා ඇතැම් සේවකයින්ට ස්ථානමාරු ලබාදීමට බලධාරීන් පියවරගෙන ඇතැයි චෝදනා කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි.

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img