රජයෙන් ඉවත් නොවන බවත් ඒ සම්බන්ධයෙන් පැතිරයන ප්‍රකාශ අසත්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ සිය පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවය.
“ඒක සම්පූර්ණ අසත්‍යයක්. රජයෙන් ඉවත් වෙන්නේ නෑ. පක්ෂයේ සංවත්සරය තියෙන්නේ හෙට. අවුරුදු 70ක් පිරෙන්නේ. හෙට හවස මගේ විශේෂ කතාවක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් මාධ්‍යට නිකුත් කරනවා.”






















