Wednesday, November 11, 2026
HomeNEWSනිවෙස්ගත නිරෝධායනයට ලක්වන කොවිඩ් රෝගීන් ගණන 14,000 ඉක්මවයි

නිවෙස්ගත නිරෝධායනයට ලක්වන කොවිඩ් රෝගීන් ගණන 14,000 ඉක්මවයි

කොවිඩ් වෛරසය ආසාදනය වී නිවාසවල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 14,000කට අධික බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.

එම වැඩපිළිවෙලට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මාර්ගයෙන් ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරිය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඇය පවසා සිටියේ, “අද දින වන විට අපිට බලාගන්න රෝගීන් සිටිනව 14,223ක් මෙයින් අපි රෝහල්ගත කරලා තියෙන්නේ, මුළු රෝගීන් 52,368න් 607 දෙනයි. ප්‍රතිකාර අවසන් කරලා ඔවුන් ආපසු නිරෝගී තත්ත්වයෙන් නැවත මේ පද්ධතියෙන් මුදාහැරලා තියෙනවා 37,448 මේකට ඔබ ලියාපදිංචි වීමට නම් ප්‍රදේශයේ MOH වෛද්‍යවරයා හරහා මේ පද්ධතියට ලියාපදිංචිවීමට වගබලාගත යුතුයි. ඔහු විසින් භාර දෙන එම රෝගීන් මේ පද්ධතියට අරගෙන සාර්ථක සහ සුරැකිව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ බලාගන්නවා.“ යනුවෙනි.

මේ අතර එම වැඩසටහන මේ වන විට නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img