Wednesday, November 11, 2026
HomeNEWSආදිවාසී නායකයාගේ බිරිඳගේ අවසන් කටයුතු හෙට

ආදිවාසී නායකයාගේ බිරිඳගේ අවසන් කටයුතු හෙට

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගිය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳගේ අවසන් කටයුතු හෙට (06) මහියංගනය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා ඊයේ (04) පස්වරුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුවාය.

දඹාන ආදිවාසී ගම්මානයේදී පසුගියදා සිදුකළ රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ගම්වැසියන් 44 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව  හඳුනාගැනුණි.

එම ආසාදිතයින් අතර ඌරුවරිගේ හීන් මැණිකා සහ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද සිටි බව වාර්තා විය.

ඒ අනුව ඇය පසුගිය 25 වනදා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණි.

එහිදී ඇය මියගොස් ඇති අතර මියයන විට ඌරුවරිගේ හීන් මැණිකා 64 වන වියෙහි පසු වුවාය.

එමෙන්ම ඇය කලක් තිස්සේ වකුගඩු රෝගී තත්ත්වයකට ද ගොදුරු වී සිටි බවද වාර්තා විය.

මේ අතර අද දහවල් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත පැමිණි ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මියගිය තම බිරිඳට අවසන් ගෞරව දක්වා තිබුණි.
 
ඇය දරුවන් 9දෙනෙකුගේ මවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img