ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ඇතැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නිලධාරියාට අධිකරණය ඇප නියම කර තිබේ.
අද (09) ඔහුව කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇප නියම කෙරුණි.
අදාළ දත්ත ගබඩාව නඩත්තු කළ පෞද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරියාව ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.






















