Wednesday, November 11, 2026
HomeNEWSපස්වැනි රැල්ලක් ඒම වළක්වාගැනීම ට කළ යුත්තේ කුමක්ද ?

පස්වැනි රැල්ලක් ඒම වළක්වාගැනීම ට කළ යුත්තේ කුමක්ද ?

නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අගෝස්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් -19 ආසාදිතයින් සහ කොවිඩ් මරණවල ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් ජනතාව ස්වයං සංචරණ සීමා පනවා ගැනීම අත්‍යවශ්‍ය බවය.

“අගෝස්තු 20 වනදා සිට සංචරණ සීමා පනවා සති තුනක් පමණ වෙනවා මේ මොහොත වන විට. මෙම සංචරණ සීමාවල යම් කිසි හොඳ ප්‍රතිඵල අපිට දැන් පෙනෙනවා. මම හිතනවා මියගිය සංඛ්‍යාව 40%කින් පමණ, හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය 50%කින් පමණ අඩුවීමක් අපි දකිනවා අපි ඒ ගැන ඉතා සතුටු වෙනවා. නමුත් මේ තත්ත්වයෙනුත් ඔබ සෑහිමකට පත්වන්නට එපා. ඒ තියෙන සෞඛ්‍ය නීතිවලට අනුකූල වන ඒ පිළිවෙත් සියල්ල ඉදිරියටත් පවත්වාගෙන යන එක මම හින්නේ ඉතාමත් සුදුසුයි. මොකද තවමත් 150කට පමණ වන රෝගීන් ප්‍රමාණයක් දවසකට මියයනවා. මේක සුළු ලෙස සලකන්නට එපා. ඒ නිසා මේ වසර අවසාන වන තෙක්වත් මේ සියලු සංචරණ සීමා ඔබට හැකිතාක් ආකාරයෙන් සෞඛ්‍ය පුරුදුවලට සම්පූරණයෙන් යොමු වෙලා පවත්වාගෙන යන්න.“

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වු තරම් සිදුනොවුව ද පවතින තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට යම් දායකත්වයක් ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවය.

“අපි බලාපොරොත්තු වු තරමේ සංචරණ සීමාවක් සිද්ධ වුණේ නැති එක ඇත්ත. අපි නිර්දේශ කළේ 90%ක සංචරණ සීමාවක් හැබැයි බොහෝ විට 60%ක සංචරණ සීමාවක් තමයි ප්‍රායෝගිකව ක්‍රීයාත්මක වුණේ එතකොට මේ තත්ත්වය යටතේ වුණත් වේගයෙන් පැතිරීම යම් අඩුවක් වුණා කියන එක පැහැදිලියි. මොකද පොදු ප්‍රවාහාන සේවා ක්‍රීයාත්මක වුණේ නැහැ. සංචරණ සීමා පනවා තිබුණ කාලය තුළ. එතකොට අනිවාර්යෙන් රෝගය ව්‍යාප්තවීමේ අඩුවක් දැකින්නට ලැබුණා පැහැදිලිව. රට නැවත විවෘත කිරීම තමයි වැදගත් ඉතින් එතනදි උත්සව වැනි දෑ රජය දැඩි මැදිහත්වීමකින් නැවැත්විය යුතු වෙනවා තව සෑහෙන කාලකට. සංචරණ සීම ඉවත්කරලා රට විවෘත කරනකොට අදාළ මාර්ගෝපදේශවලට හැමෝම අනුගත වුණොත් අපිට මේක පාලනය කරගන්න පුළුවන් වේවි. එහෙම නොවුණහොත් පස්වෙනි රැල්ලක් එන එක වළක්වා ගන්නට ලැබෙන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img