තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය අද (20) අලුයම 02.10ට පමණ කටුනායක වෙත රැගෙන විත් තිබු බව “අද දෙරණ“ වාර්තාකරු සඳහන් කළේය.
අදාළ එන්නත් තොගය, ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.






















