කොවිඩ් බෝවීම සිඝ්‍ර කරවීමට හේතුවන මධ්‍යසාර සමාජ ගතකිරීමේ වගකීම්විරහිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති අචාර්යය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.
නිරෝධායන ඇඳිරිනීතිය මධ්‍යයයේ මත්පැන් හල් විවෘත කර මත්පැන් පොලීම් නිර්මාණය කිරීම අනුවණ ක්‍රියාවක් බව සභාපතිවරයා පෙන්වාදෙයි.
එය සමස්ත ප්‍රජාවගේම ජිවිත අනතුරේ හෙළීමක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, අචාර්යය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.
එම ක්‍රියාව කොවිඩ් මර්දන වැඩපිළිවෙළට විශාල බාධාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.






















