Wednesday, November 11, 2026
HomeNEWSඉන්දීය - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කරනවා - මිලින්ද මොරගොඩ

ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කරනවා – මිලින්ද මොරගොඩ

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත් කළ මිලින්ද මොරගොඩ මහතා අද (22) නවදිල්ලි නුවරදී ඉන්දියානු ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත ස්වකීය අක්තපත්‍ර පිරිනැමීය.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම අක්ත්‍රපත්‍ර පිරිනැමීමේ උත්සවය ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්විණි. 

ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී තනතුරට පත්කෙරුණු 26වැන්නා මිලින්ද මොරගොඩ මහතා වේ.

අක්තපත්‍ර පිරිනැමීමෙන් අනතුරුව, මහකොමසාරිස් මොරගොඩ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උණුසුම් සුභාශිංසන ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා වෙත පළකළේය.

තවද මහකොමසාරිස් මොරගොඩ මහතා පැවසුවේ ඉන්දියාවේ ස්වකීය දූත මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර දැනට පවතින සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කොට, ඒ් සම්බන්ධතාව විශේෂ මට්ටමකට ඉහළනැංවීම බවය.

සිය දූත මෙහෙවරෙහි මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කර ගැනීමටත්, දෙරට අතර ඇති ඉපැරණි,  බහු මානීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් ඉන්දියානු ජනාධිපතිවරයාගේ හා රජයේ සහයෝගය මහකොමසාරිස් මොරගොඩ මහතා ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු වශයෙන් අදහස් දැක්වූ ජනාධිපති කෝවින්ද් මහතා පැවසුවේ ඉන්දියාවේ ‘අසල්වැසි රාජ්‍ය පළමුවෙන්’ හා ‘සාගර්’ යන ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාවට ඉතා විශේෂ ස්ථානයක් හිමිවන බවය. 

දෙරට අතර පවතින අතිශය මිත්‍රශීලී, ඓතිහාසික, සහ බහුමානීය සබඳතා මෙන්ම ඉතා සවිමත් ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතාව ගැනද ඉන්දියානු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. 

දෙරට අතර පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බවට බලාපොරොත්තු පළ කළ ඉන්දියානු ජනාධිපතිවරයා සිය උණුසුම් සුභාශිංසන ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලෙසද මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img