Wednesday, November 11, 2026
HomeNEWSමම දන්න තරමින් මේක විකුණලා නෑ - විදුලිබල ඇමති

මම දන්න තරමින් මේක විකුණලා නෑ – විදුලිබල ඇමති

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය විකුණා නොමැති බවත්, බලාගාරයේ කොටසක් වෙනුවෙන් ආයෝජනයක් සම්බන්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඒ අනුව විදුලි මිල නියම කිරීම සහ විදුලිය බෙදාහැරීම සිදුකරන්නේ රජය විසින් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“අපේ මැතිවරණ ප්‍රකාශනයේත් ඇතුළත් කළා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ එකතුවීමෙන් ව්‍යාපාර කරනවා කියලා. මම දන්න තරමින් මේක විකුණලා නෑ. ඒ ව්‍යාපාරයේ කොටසක් තමයි දීලා තියෙන්නේ. 100% රජයට අයිතියි. මුදල් අමාත්‍යාංශයට 50%ක් අයිතියි. ඒ 50%න් 40%ක් දීලා තියෙනවා. ඒක ආයෝජනය කරන්න. එහෙම නැතුව විකිණීමක් කරලා නෑ. රජය තමයි විදුලි මිල නියම කරන්නේ. රජය තමයි සම්පූර්ණ විදුලි බලය බෙදාහරින්නේ. ඒ බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරත් විදුලිය බෙදාහැරීම කරන්නේ විදුලිබල මණ්ඩලයයි ලෙකො ආයතනයයි. වෙන සමාගමකට විදුලිය බෙදාහරින්න බෑ.”

මේ අතර අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ, කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img