Wednesday, November 11, 2026
HomeNEWSයුගදනවි ගිවිසුමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල විරෝධය

යුගදනවි ගිවිසුමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල විරෝධය

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ 40% කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා එළැඹි ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද (23) පස්වරුවේ පැවැත්වුණි.

සාකච්ඡාවෙන් පසු අමාත්‍ය විමල් වීරවංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසු අදාළ ගිවිසුම පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවය.

සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, 

“සන්ධානයේ ඔක්කොම නායකයෝ ටික එකතු කරලා සාකච්ඡා කළා. LNG බලාගාරය අපි කරන්න ඕන, අපේ සම්පත් පිටට නොදීමේ ප්‍රතිපත්තිය රකින්න ඕනේ කියලා. අත්සන් කිරීම එතරම් වැදගත් නෑ. අපේ තීන්දුවයි ප්‍රධාන”

බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, 

“මේ ගිවිසුම හරහා අමෙරිකාව විදුලිය දෙන එක නතර කළොත් අපිට විදුලිය නැති වෙනවා. ඒ විනාශයට අත උස්සන්න අපි සූදානම් නෑ.”

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් උපයන ආදායම්වල පූර්ණ ප්‍රතිලාභ ලබාගතහැකි වාතාවරණයක එහි කොටස් විකුණාදැමීම සිදුවන බව විදුලි ඉංජිනේරු සංගම් පවසති. 

ඔවුන් පෙන්වා දෙන්නේ  බලාගාරය ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදලේ සියලු ආපසු ගෙවීම් ගිය වසරේදී නිමාවූ බවය.

අද දෙරණ බිග්ෆෝකස් වැඩසටහනට එක්වූ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති අතුල වන්නිආරච්චි මහතා,

“ලබන වසරේ සිට විශාල ලාභයක් ලබන්න තියෙනවා. පොල් වත්තක් හදලා පොල් කඩන්න යද්දී මට මේක විකුණන්න ඕනේ නම් මම මේකට කොච්චර ආයෝජනය කරලා තියෙනවාද? කොච්චර ආදායමක් එනවාද? මුදල් හදිසියකට විකුණනවා නම් තක්සේරු කරන්න ඕන කීයකටද විකුණන්නේ කියලා. ඒවා කරනවාද? නැද්ද? කියලා ප්‍රශ්න තියෙනවා.“

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

“මෙහෙයුම් දුන්නොත් බලාගාරවල පාලනය අපෙන් යනවා. බලාගාරයෙත් කොටස් ගන්නවා. මොකක් හරි ආරවුලක් එනවා. ඒ ආරවුල් නිසා අපිට LNG දෙන්නේ නෑ කිව්වොත්. මේ ඔක්කොම බලාගාර ටික නවත්තන්න වෙනවා. ආණ්ඩුව මේ දවස්වල ඩොලර් හොයනවා. 95%ක්ම කොටස් තියෙන්නේ රාජ්‍ය ආයතනවලට. 50%ක් තියෙන්නේ මහා භාණ්ඩාගාරයට. ඕක දීලා ඩොලර් මිලියන 250ක‍් ගන්න යන්නේ. ඔය සමාගමට අවශ්‍ය නෑ ඔය 40% ගන්න. ඒ අයට ඕනේ LNG සැපයුම ගන්න.”

මේ අතර අද නිවේදනයක් නිකුත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටක බලශක්තියේ පාලනය සහ හිමිකම ලබාගන්නා පිටස්තර කවරකුටවුවද රටේ පාලනය හැසිරවීමට බලයක් ලැබෙන බවය.

එහෙයින් යුගදනවි බලාගාරයට අදාළව රජය එළැඹි ගිවිසුමට සමගි ජන බලවේගය එරෙහි වන බව එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img