කොවිඩ් ආසාදනය වී පසුව එන්නත් ලබාගත් හෝ එන්නත් ලබාගෙන පසුව කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනාවරණයක් කළාය.
එහිදී මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ එවැනි අය තුළ ඇතිවන ප්‍රතිශක්තිකරණය ඉතාමත් ඉහළ බවය.
“ඩෙල්ටා විකෘති වෙන්නේ තව තව සීග්‍රයෙන් පැතිර ගියොත් තමයි. කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන කොවිඩ් හැදිලා හරි, කොවිඩ් හැදිලා එන්නත් ලබාගත් අය ගත්තොත්. එහෙම වුණාම ඇතිවන කොවිඩ් ප්‍රතිශක්තිය ඉතාමත්ම ඉහළයි. මහාචාර්ය සාරා ගිල්බට් පැවසුවේ කොවිඩ් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් තත්ත්වයට පත්කළ යුතු බව. ලෝකයේ සියලුම රටවල ඩෙල්ටා. අනෙකුත් ප්‍රභේද 1%ක් බවට පත්වෙලා. ප්‍රභේද වෙනස් වෙයි. ඉන්ෆ්ලුවන්සා වගේ එන්නත ලබාදෙන්න වෙයි.”






















