Tuesday, November 10, 2026
HomeNEWSරනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

–

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා

වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ පවතින අසාර්ථකත්වය සහ නොහැකියාව හේතුවෙන් රට යළිත් 2022 වසරේ මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදය හා බංකොලොත්භාවය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙනවා.

පාලකයන්ගේ නොහැකියාව වසා ගැනීමට ත්‍රස්තවාදී පනත් හරහා විරෝධතා මර්දනය කිරීමේ ප්‍රවණතාවක් මතුව තිබෙනවා. මෑතකදී විහාරමහාදේවි උද්‍යානයේ සහ අනුරාධපුර ප්‍රදේශයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව පොලිසිය සහ ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ප්‍රහාර අප දැඩි ලෙස හෙළා දකිනවා.

මේ මර්දනකාරී වැඩපිළිවෙළ නිසා GSP+ බදු සහනය පවා අහිමි වී ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන ක්ෂේත්‍රය දැඩි අනතුරකට ලක්වීමේ
අවධානමක්ද දැන් මතුව තිබෙනවා. එසේම රටේ සමස්ත පොදු ණය තත්ත්වය අතිශය භයංකාර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් ට්‍රිලියන 29.5 ක් වූ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය මේ වන විට ට්‍රිලියන 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 18 සිට ට්‍රිලියන 19 දක්වා වැඩි වී තිබේ. ට්‍රිලියන 11.5 ක් වූ විදේශ ණය ප්‍රමාණය මේ වන විට ට්‍රිලියන 12.7 ක් දක්වා ඉහළ ගොස් ඇත.

විවිධ බදු වර්ග 12 ක් ඉහළ නැංවීම හේතුවෙන් මෙරට මධ්‍යම පන්තිය 72% සිට 57% දක්වා පහත වැටී තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම බදු ගෙවන රටක් ලෙස මේ වනවිට ජාත්‍යන්තර වාර්තා අතරට එක්ව තිබෙනවා. උද්ධමනය ආසියාවේ ඉහළම රටවල් අතරට පැමිණ ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් 75% ක් පමණ මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇත. මීට අමතරව, කොටස් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 171 ක ආයෝජන ඉවත් කරගෙන ඇති අතර, මෙගා සංවර්ධන ව්‍යාපෘති රැසක් ද රටින් ඉවත්ව යමින් පවතිනවා. මෙය අතිශය කණාගාටු තත්ත්වයක් බව සිහිපත් කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ අඩුව තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඉන්ධන මිල ගණන් වත්මන් පාලනය යටතේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා රට බාරදෙන විට රු. 320 ට තිබුණු ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරය අද රු. 424 දක්වාරු. 104 කින් වැඩිව තිබෙනවා. රු. 377 ට තිබුණු ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරය අද රුපියල් 490 යි.
රු. 304 ක්ව තිබුණු ඩීසල් ලීටරය රු. 397 දක්වා රු. 90 කින් වැඩි වෙලා. රු. 3690 ට තිබුණු ගෑස් සිලින්ඩරය අද රු. 4365 යි. රු. 292 ට තිබුණු ඇමරිකානු ඩොලරයේ මිල රු. 330 ඉක්මවා ඉහළ ගිහින්.

මේ ආර්ථික දත්ත සහ අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීමට නිසි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළහොත්, ඉදිරි මාස කිහිපය තුළ රට යළිත් 2022 වසරේ අත්දැකපු අඳුරු ආර්ථික අගාධයට සහ බංකොලොත්භාවයට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. මේ මාධ්‍ය හමුව සඳහා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එම පක්‍ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යූනුස් මහතාද සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img