Wednesday, November 11, 2026
HomeNEWSඔක්තෝබර් පාසල් ඇරඹීමට සැලසුම්

ඔක්තෝබර් පාසල් ඇරඹීමට සැලසුම්

ඔක්තෝබර් මාසය අවසන්වීමට ප්‍රථම පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

“ඔක්තෝබර් කියන එක සුබවාදීව හිතනවා. එහෙම වුණොත් දෙසැම්බර් මාසේ නිවාඩු දීමට අවශ්‍ය වෙන්නේ නෑ.”

දැනට පවතින ගුරු ගැටලුව සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කළේය.

එහිදී අධ්‍යාපන ලේකම්වරයා ගුරුවරුන්ගෙන් ආයාචනයක් කරමින් සඳහන් කළේ,

“ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු වෙනිදා. මැද තැනකට ඇවිල්ලා එන්න වැඩට. ඔබ නැතුව කවදාවත් අපිට මේක කරන්න බෑ. ඊට පස්සේ ගුරු දිනය 6 වනදා. ඒක කරේ නැත්නම්, ගුරු මෑණිවරුනි ගුරු පියවරුනි විදුහල්පතිවරුනි ලේකම්වරයා විදිහට මට වෙනවා කෙසේ හෝ පාසල් ටික පවත්වාගෙන යන්න.”

මේ අතර කොවිඩ් -19 හමුවේ රටවල් ලොක්ඩවුන් කිරීම හේතුවෙන් පසුගිය මාස 18 තුළ ලොව පුරා සිටින පාසල් දරුවන්ට පැය ට්‍රිලියන 1.8ක් අහිමි වී ඇතැයි යුනිසෙෆ් ආයතනය අනාවරණ කරයි.

2020 මාර්තු මාසයේ මෙරට ඇතිවූ කොවිඩි – 19 පළමු වැනි රැල්ල හේතුවෙන් මෙරට පාසල් මාර්තු මස දෙවැනි සතියේ පළමු වරට වසාදැමුණි.

එම වසරේ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි යන මාස පුරා පාසල් වසා තැබුණු අතර නැවත අගෝස්තු මාසයේදී ආරම්භ කෙරුණත් යළිත් කොවිඩ් වෛරසය පැතිරීම නිසා ඔක්තෝබර් මාසයේ පාසල් වසා දමනු ලැබීය.

පසුව නොවැම්බර් අග සිට දෙසැම්බර් අග දක්වා පාසල් විවෘත කර තැබුණි.

ඒ අනුව 2020 වසරේ සිසුන් පාසල් ගොස් ඇත්තේ මාස තුනක් පමණි.

2021 ජනවාරි මාසයේ බස්නාහිර පළාතේ පාසල් හැර අනෙකුත් පළාත්වල පාසල් අරම්භ කෙරුණි.

මාර්තු මස අග සිට දිවයින පුරා නැවත පාසල් ආරම්භ කළත් කොවිඩ් පැතිරිම යළි වේගවත්වීම හේතුවෙන් අප්‍රේල් මස 27 වනදා සිට පාසල් නැවතත් වසා දැමුණි.

එතැන් සිට මේ දක්වා අඛණ්ඩව මාස 05 ක් පාසල් වසා තිබේ.

නමුත් බොහෝ පාසල් ළමුන්ට ඔන්ලයින්  ක්‍රමවේදය යටතේ ඉගැන්වීම් ආරම්භ කළත් ගුරුවරයා ඉදිරිපිට අධ්‍යාපනය ලැබීම මෙන් එහි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්නට නොලැබුණි.

එමෙන්ම ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම හා ගුරු විදුහල්පතිවරුන් දියත් කළ වැඩවර්ජනය හේතුවෙන්ද එය සාර්ථක කර ගැනීමට හැකි වුණේ නැත.

කෙසේවෙතත් මේ වනවිට ගුරු විදුහල්පති සහ පාසල් අනධ්‍යයන කාර්යමණ්ඩලවලින් සියයට 88 ක් පමණ එන්නත්කරණය සිදු කර ඇති අතර අවුරුදු 12 ට වැඩි පාසල් දරුවන්ද එන්නත්කරණය මේ වන විට ආරම්භ කරමින් පවතී.

කොවිඩ් හමුවේ ලොව සෑම රටකම පාසල් වසා දැමුණත් මේ වනවිට රටවල් 141 ක පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කර පවත්වාගෙන යන බව අනාවරණය වෙයි.

යුනිසෙෆ් ආයතනය පවසන්නේ කොවිඩ් -19 හේතුවෙන් පසුගිය මාස 18 තුළ ගෝලීය වශයෙන් ලක්ෂ 770 කට වැඩි දරුවන් පිරිසකට පාසල් සම්පූර්ණයෙන්ම වැසී තිබූ බවය.

මේ වනවිට යුනිසෙෆ් ලොව සියලු රටවලින් ඉල්ලා ඇත්තේ මෙය අනාගතයට ඇති කරන අහිතකර බලපෑම ප්‍රබල බැවින් හැකි ඉක්මනින් ආරක්ෂිත පියවර ගෙන පාසල් විවෘත කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img