මින්නේරිය, මිනිහිරිගම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කඩා එහි මුදල් සොරාගෙන ඇති බව පොලීසිය පවසයි.
හබරණ – පොළොන්නරුව මාර්ගය අසල ගොඩනැගිල්ලක එම රාජ්‍ය බැංකුවක පිහිටා තිබේ.
පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා පවසා සිටියේ, අදාළ රාජ්‍ය බැංකුවේ කළමනාකාරිණිය විසින් මින්නේරිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අදාළ පරීක්ෂණ ආරම්භ කළ බවය.
ඒ අනුව සොයා බැලීමේදී පසුගිය 26 වනදා කුඩා ලොරි රථයකින් පැමිණි අයෙකු හෝ පිරිසක් විසින් එම සොරකම සිදුකරන්නට ඇති බව අනාවරණය වු බවත් උපකරණ යොදාගනිමින් එම ATM යන්ත්‍රයේ තහඩු කපා ඉවත්කර එම සොරකම සිදුකර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
එලෙස සොරකම් කරන ලද මුදල් ප්‍රමාණයේ වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මින්නේරිය පොලීසිය විසින් සිදුකරයි.






















