කොවිඩ් සංගත තත්ත්වය හේතුවෙන් කර්මන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මහ බැංකු පරිශ්‍රයේදී පැවැති අදාළ සාකච්ඡාවේදී මේ වන විට පනවා ඇති ආනයන සීමා හේතුවෙන් කර්මාන්ත සඳහා අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනිමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු වූ බව කර්මාන්ත අමාත්‍යාංශය පැවසුවේය.
ඒ අනුව පසුගිය ජුනි මාසයේ සිට ආනයන සීමා ඉවත් කළ කර්මාන්ත සඳහා අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනිමේදී අදාළ කර්මාන්කරුවන්ට බැංකු මඟින් ණයවර ලිපි විවෘත කරවා ගැනීමට මතුව ඇති ගැටලු විසඳාගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවට මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබේ.
වාහන එකලස් කිරිමේ කර්මාන්ත සඳහා අවශ්‍ය වාහන මූලික ආකෘති ගෙන්වා ගැනිමේ කටයුතුවලට ද වාහන ආනයන සීමා හේතුවෙන් බාධා මතුව ඇති බව මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එම බාධා ඉවත් කිරීමට මහ බැංකුව විසින් කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට නියමිත බව ද කර්මාන්ත අමාත්‍යාංශය පැවසීය.






















