Wednesday, November 11, 2026
HomeNEWSපරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවට එරෙහිව විරෝධයක්

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවට එරෙහිව විරෝධයක්

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ස්ථිරවම නතර කරන්නැයි බලකරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ සංඝරත්නය සහ ගොවි සංවිධාන කිහිපයක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත අද (28) පැමියේය.

ඒ දිස්ත්‍රික්කයේ මහ සංඝරත්නය සහ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.

මේ අතර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස්වෙන බවට ලද පණිවුඩයකට අනුව විරෝධතාකරුවන් පා ගමනින් වහාම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණියේ මහ සංඝරත්නය ද සමඟින් ය.

එහිදී ඔවුන් ආණ්ඩුකාරවරයා සහ නිලධාරීන් හමුවී සංදේශ භාරදීමට උත්සාහ කළ අතර එහිදී ඇති වූයේ නොසන්සුන් තත්ත්වයකි.

පසුව එම ස්ථානයට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පැමිණියේය.

එහිදී සංදේශ භාරදීම සඳහා කිහිපදෙනෙකුට අවසර හිමිවුණි.

පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති, පූජ්‍ය කදුරුවෙල ධර්පාල හිමි පවසා සිටියේ, “අද පොරොන්දු වුණා වචනයකින්වත් මේ මාතෘකාව ගන්නේ නෑ කියලා පොරොන්දු වුණා සංවර්ධන සමිටු සභාපතිතුමා.” යනුවෙනි.

කොළඹ නාගරික සංවර්ධන අධිකාරියේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රසාද් රණවීර මහතා පවසා සිටියේය, “අපි ඇත්තටම පරාක්‍රම සමුද්‍රය හදන්නේ මේ ඇවිදින මංතීරුවකට වඩා එහාට ගියපු වැව් බැම්ම තවදුරටත් ශක්තිමත් කරලා මේ හරහා අපි හදන්නේ මහජනතාවට නිදහසේ ගමන් කරන්න පුළුවන්, ව්‍යායාම කරන්න පුළුවන් සහ වැව සහ ඒ අවට සුන්දර පරිසරය දකින්න පුළුවන් කරන්න.” යනුවෙන් පැවසීය.

මේ අතර කොළඹ ඕල්කට් මාවතේ සිට වරාය දක්වා ඇති ඇවිදින මංතීරුව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img