Wednesday, November 11, 2026
HomeNEWSසහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළේ සත්භාවයෙන් -රාජ්‍ය අමාත්‍ය අලගියවන්න

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළේ සත්භාවයෙන් -රාජ්‍ය අමාත්‍ය අලගියවන්න

පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබු සහල් මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළේ, සත්භාවයෙන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩලය හා රජය එම තීරණය ගනු ලැබුවේ පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මුලික පරමාර්ථය ඇතිව බව ද ඒ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් එම නිදහස භාවිත කරමින් යම් පාර්ශවයක් සහල් මිල වැඩිකිරීමට කටයුතු කරනවා නම්, රජය හා පාරිභෝගික අධිකාරිය වගකීමෙන් යුතුව ඒ සඳහා මැදිහත් වන බව ද රාජ්‍ය අමාත්‍යවරා පැවසීය.

ඒ අනුව අද සහල් මෝල් හිමියන්ගේ සංගමය විසින් අද දින ප්‍රකාශ කර තිබෙන සහල් මිල ගණන් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව ද අද (28) දින අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විටත් ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් තීන්දුවක් මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ මුලික කටයුතු සිදුකර අවසන් බවත් පැවසු ඒ මහතා, ජනතාවට සාධාරණ මිලක ට එම සහල් ලබාදීමට රජය මැදිහත්ව කටයුතු කරන බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img