Wednesday, November 11, 2026
HomeNEWSරාජගිරියේ මත්ද්‍රව්‍ය සිද්ධිය - සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ් කෙරේ

රාජගිරියේ මත්ද්‍රව්‍ය සිද්ධිය – සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ් කෙරේ

පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙක් ව අනතුරට ලක්කර පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් භාරවූ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියමකළේය.

මෝසමක් මාර්ගයෙන් මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලාසිටියේ භාරවූ සැකකරුවන් දෙදෙනා අතුරින් එක් සැකකරුවකු පොලිසිය භාරයට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්නකිරීමට අවසර දෙන ලෙසය.

එහෙත් එම සැකකරු පොලිසියට භාරවීමෙන් පසුව ඔහුව පහරදීමට  ලක්ව තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ දන්වා සිටියාය.

කෙසේවෙතත් පොලිසිය විසින් තම භාරයට පමුණුවන ලෙස ඉල්ලා සිටි සැකකරු පහරදීමකට ලක්ව තිබෙන බවට අධිකරණ වෛද්‍ය වාර්තා මගින් ද අනාවරණය වී තිබූ හෙයින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් භාරවූ අනෙක් සැකකරු ද ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද පොලීසියට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img