Wednesday, November 11, 2026
HomeNEWSබූස්ටර් එන්නත ලැබෙන අය

බූස්ටර් එන්නත ලැබෙන අය

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අසේල ගුණවර්ධන මහතා පවසයි.

එසේම වයස අවුරුදු 30ත් – 60ත් අතර පිළිකා සහ වකුගඩු ආබාධවලින් පෙළෙන පුද්ගලයින් ට, සෞඛ්‍ය අංශ සේවකයින්ට හා ඉදිරිපෙළ අනෙකුත් සේවකයින් සඳහා ද තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.

අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාවරයා මේ බව පැවසීය.

“දැනට බූස්ටර් එන්නත දෙන්න අපිට අනුමැතිය ලබාදුන්නේ අවුරුදු 60ට වැඩි අයට. ඒ අයට වැඩි හරියක් දුන්නේ සයිනොෆාම් සහ ඇස්ට්‍රෙසෙනිකා එන්නත. ඒ එන්නත් දෙක ලබාදුන්න අයට තමයි බූස්ටර් එන්නත ලබාදෙන්න අවසර දුන්නේ. ඒ අනුව ඒ කාලයේ දී ඒ එන්නත ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට ලෝකයේ තියෙන සාධක අනුව ෆයිසර් එන්නත තමයි බූස්ටර් එන්නතක් ලෙස භාවිත කරන්නේ. ඒ අනුව තමයි එයට අවසරය ලැබුණේ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img